පිහිනුම් තටාක ව්‍යාපෘතියක් සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගම්පහ පාලසක ආදි ශිෂ්‍ය සංගම් පරිපාලන ලේකම්වරයකු දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමාපියන්ට ලිපියක් යැවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යංශයට අද (22) පැමිණිලි කළේය.
අදි ශිෂ්‍ය සංගම් නියෝජිතයා යොමු කළ ලිපියේ සංගමයේ සභාපති ලෙස විදුහල්පතිගේ නම ද දැක්වේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ද මෙම ව්‍යාපෘතියට ලැබී ඇති බවත්, එම මුදල් ලිපියේ සඳහන් බැංකු ගිණුමට බැර කර ලදුපත් ආදි ශිෂ්‍ය සංගමයට ලබා දෙන ලෙසත් එම ලිපියේ සඳහන් බව ස්ටාලින් මහතා අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
2008/41 අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛයට අනුව ආදි සිසුන්ට වර්තමාන සිසුන්ගෙන් මුදල් එකතු කළ නොහැකි බව ද ගුරු සංගම් ලේකම් විසින් යැවුණු ලිපියේ සඳහන්ය.
පාසල් සිසුන්ගෙන් මුදල් එකතු කිරීම හා පාසලේ පරිපාලනය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මීට පෙර ආදි ශිෂ්‍යයෝ පිරිසක් ද අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළහ.

