ආදි ශිෂ්‍ය පදනමෙන් පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ආදි සිසුවාගේ ශිෂ්‍යත්ව ලකුණ දැන ගැනීම සඳහා පාසලේ එවකට පහ ශ්‍රේණියේදී ඉගැන්වූ ගුරුවරයාගෙන් ලිපියක් රැගෙන එන ලෙස ගම්පහ ප්‍රථමික පාසලක විදුහල්පතිවරයකු විසින් දන්වා ඇතැයි අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.
අදි සිසුවා ශිෂ්‍යත්වය සමත් නම් ඒ වෙනුවෙන් දරුවාට ලකුණු 15ක් එකතු කිරීමේ සම්ප්‍රදායක් පසුගිය වතාවන්හි පැවැති බවත්, ආදි සිසුවා ශිෂ්‍යත්වයට ලකුණු 100ක් හෝ ඊට වැඩියෙන් ලබා ඇත්නම් ඒ වෙනුවෙන් ලකුණු තුනක් එකතු කිරීමේ පිළිවෙතක් මේ වසරේ ඇරැඹි බවත් එම ආරංචි සදහන් කරයි.
ගම්පහ එක් ප්‍රාථමික පාසලක ඇතැම් අවුරුදුවල ලකුණු ලැයිස්තු අස්ථාන ගත වී ඇති බැවින් ආදි සිසුවාගේ ශිෂ්‍යත්ව ලකුණ කුමක්දැයි දැන ගැනීමට ඔවුනට පහ ශ්‍රේණියේදී ඉගැන්වූ ගුරුවරයාගෙන් ලිඛිතව ගෙන එන ලෙස එම විදුහලේ විදුහල්පති ආදි සිසුනට දන්වා ඇත.
වසර විස්සකට තිහකට පෙර පහ ශ්‍රේණියට ඉගැන්වූ ගුරු භවතුන් සිටින තැන් සොයා යෑමට ආදි සිසුන්ට සිදුවන බවත්, තම පන්තියේ සෑම සිසුවකුම ලබා ගත් ශිෂ්‍යත්ව ලකුණ වසර ගණනාවකට පෙර සේවය කළ ගුරුභවතුකට මතක ඇත්දැයි සැකයක් මතුවන බවත්, ඇතැම් විට ගුරු භවතාගේ නම යොදා ඒ හා සමාන ව්‍යාජ අත්සනක් යොදා කූඨ ලේඛණයක් සකසා සමූඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි බවත්, ඒ මගින් පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේ දී වංචා සිදු විය හැකි බවත් පාසල් ආරංචි කියයි.
විදුහල්පතිවරයාගේ ද සභාපතිත්වයෙන් යුත් සමූඛ පරීක්ෂණ මණ්ඩලයට අද (9) එවැනි ලිපි කිහිපයක් රැගෙන ආදි සිසුන් පැමිණ ඇති බව දැනගන්නට ඇත.
ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා පැවසුවේ ඒ ගැන සොයා බලා එවැනි අකටයුත්තක් වන්නේ නම් එය නවත්වන ලෙස විදුහල්පතිට දන්වන බවයි.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ එවැන්නක් සිදුවන්නේදැයි සොයා බලා ඒ ගැන පියවරක් ගන්නා ලෙස ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට දැනුම් දුන් බවයි.