ගම්පහ පාසලකට ළමුන් ඇතුළත් කිරීම ගැන සොයයි


ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක 2012 වසරේ දී හත ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

‘විදුහල්පති නිර්දේශය යටතේ සිසුන් ඇතුළත් කිරීම - 2012‘ දරණ ශීර්ෂය සහිතව ලිපියක් මගින් පාසලට ළමයින් 15 දෙනකු ගැනීම  අනුමත කරමින් අධ්‍යාපන ලේකම්වරයා එම විද්‍යාලයයේ විදුහල්පතිට ලිපියක් යොමු කර   ඇති බව අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.