ගම්පහ නීතීඥවරියට ලක්ෂ පහ බැගින් ඇප


දික්කසාද නඩුවක සේවාදායිකාවකගේ රුපියල් පන් ලක්ෂයක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් නීතීඥ උදයාංගනී සේනාධිපති අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් බී ඩී රුවන් සිසිර කුමාර මහතා විසින් රුපියල් පන් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා මරිනු ලැබීය.

උතුරු වෑබඩ ඇම් ඒ ආර් කේෂලා මාපිටිගම මහත්මිය පැමිණිලිකාරියයි.

ගම්පහ විශේෂ විර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ඩබ්ලිව් වඩුවාවල හා කාන්තා පොලිස් සැරයන් ප්‍රියංකා මහත්මිය පැමිණිල්ල මෙහෙයවූහ.