ගම්පහ තවත් පොලිස්බල ප්‍රදේශ 12 කට ඇදිරිනීතිය


ගම්පහ  පොලිස් බල ප්‍රදේශයේ  ගම්පහ, කිරිඳිවැල, දොම්පේ , පූගොඩ, ගනේමුල්ල, වීරගුල , වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලෙවෙල , යක්කල යන ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙනතුරු  නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අතර  දිවුලපිටිය, මිනුවන්ගොඩ  සහ වේයන්ගොඩ යන ප්‍රදේශයන්හි දැනට පවනවා ඇති ඇදිරිනීතිය ද නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය කියයි.

 අද (06)  සවස 6 සිට වහාම ක්‍රියාත්මකවන පරිදි මෙය ක්‍රියාත්මක වේ.