ගම්පහ ට්‍රැෆික් සී අයි රිමාන්ඩ්


හලාවත - මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස්  පොරොන්දු  නෝට්ටුවකට බලහත්කාරයෙන් අස්සන් ගත් බව කියන  ගම්පහ කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පෙරේරා සහ හලාවත පදිංචි වර්ණකුලසූරිය ෂෙල්ටන් ප්‍රනාන්දු  මැයි මස 07 වැනි දින දක්වා රිමාන්ඩ්  කරණ ලෙස හලාවත දිසා විනිසුරු ජගත් කහදගම මහතා අද  නියෝග කළේය.

අධිකරණය මග හරිමින් සිටි ගම්පහ  කොට්ඨාස  රථවාහන අංශයේ ස්ථානාධිපති  නීතිඥයෙකු මගින් අධිකරණයට බාරවූයේය.