ගම්පහ කොල්ලයේ හරි ඔත්තුවට රුපියල් දස ලක්ෂයක්


වාහන ලීසිං හා රන්බඩු උකස් පුද්ගලික ආයතනයක ගම්පහ ශාඛාවේ සිදුවූ කොල්ලය ගැන නිවැරදි තොරතුරක් ලබා දෙන්නකුට රුපියල් දසලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍ය බව සුරකින බව ද සිරිවර්ධන මහතා පවසයි.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විජිත ඩී කොමසාරු මහතාට ( 077 47 8 46 46 / 033 2222228 ) හෝ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරු ඇතොත් දැනුම් දිය හැකිය.