ගම්පහ ලීසින් සමාගමේ කොල්ලයට යොදා ගත් වෑන් රථය නෙළුව හාප්පිටියෙන් සොයාගත් බව පොලිසිය කියයි.
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මේ වෑන් රිය සොයාගෙන ඇත්තේ සිකුරාදා රාත්‍රී පොලිසියට ලද තොරතුරකට අනුවය.
කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි නියාමක මුලින් පොලිසියට පවසා තිබුණේ කැබ් රියකින් පැමිණ කොල්ලය සිදු කර වෑන් රියකින් පළා ගිය බවයි.
සැකකරු කොල්ලය සිදු කළ දින රාජකාරියට වාර්තා කර නැතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළ වී ඇත.

