ගම්පහ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති ස්ථානවල ආරක්ෂාවට තාවකාලික වැඩපිළිවෙළක් ලෙස සිවිල් ආරක්ෂක කිමිටු සාමාජිකයන් යොදවන බව ගම්පහ පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
සිවිල් ආරක්ෂක සංවිධාන සාමාජිකයකුට රුපියල් අටදහසක මාසික දීමනවක් ලබා දීමට ද නියමිතය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් පිට කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ රථවාහන රාජකාරි භාර සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් මෙම තාවකාලික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේයි.
ගම්පහ, වේයන්ගොඩ, ගනේමුල්ල සහ මීරිගම දුම්රිය ස්ථානාධිපතිවරුන් පොලිස් අධිකාරී කාර්යාලයයට කැඳවා සාකච්ඡා පැවැත්වීය.
ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 11ක් ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඇත්තේ මීරගම ප්‍රදේශයේය. පසුගිය සතියේ දුම්රිය - ලොරි අනතුරකින් දෙදෙනකු මිය ගියේ ද මීරිගම ප්‍රදේශයේදීය.