ගම් වැදුණු වල් අලි යලි වනයට


පුත්තලමේ ගම්වැදි සිටි වල් අලි සෙල්ලකන්දල් රක්ෂිතයට පලවා හැරීමේ මෙහෙයුම අදින් අවසන්කරන බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස්.චන්ද්‍ර‍රත්න මහතා පවසයි.

පුත්තලම කොළඹ ප්‍ර‍ධාන මාර්ගයට වරින් වර පැමිණෙමින් වගාබිම්වලට හානිකරමින් සහ විටින් විට නිවෙස්වලට ද ප්‍ර‍හාර එල්ල කරමින් සිටි වල් අලි 30 දෙනකු මෙලෙස පලවා හැරීමට කටයුතු කළ බව වනජීවී නිලධරයෝ කියති. මදුරගම වන ලැහැබක සිටි තනි දලයා ඇතුළු ගම්මාන 10 ක සිටි අලි මෙලෙස සෙල්ලකන්දල් රක්ෂිතයට පලවා හැරීමෙන් පසු එහි අළුතෙන් ඉදිකර ඇති අලි වැට ක්‍රියාත්මක කරන බවත් ඉන් පසු යළි අලින්ට ගම්වැදීමට නොහැකි වන බවත් වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

මෙම අලි එලවීමේ මෙහෙයුමට වනජීවී නිලධාරීන් 20ක් සිවිල් ආරක්ෂක බලකායේ සෙබළු 20 දෙනකු සහ ගම්වැසියන් විශාල පිරිසක් එක්ව සිටිති.

 

වන රක්ෂිතවලින් පිටතට පැමිණ ගම්මාන අසළ කුඩා වනාන්තරවල රැඳී සිටින වල් අලින් රක්ෂිතවලට යැවීමේ තවත් මෙහෙයුමක් ජනවාරි මාසයේ ක්‍රියාත්මක කරන බව ද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

DSC00156 DSC00159 DSC00186 DSC00240   DSC00288   DSC00303 DSC00304 DSC00307

DSC00156 DSC00281 DSC00282 DSC00288 DSC00289 DSC00301