ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එහි වෘත්තීය සමිති අරඹා තිබූ වැඩවර්ජනය අද (27) සවස අවසන් කැරිණි.
ඔවුහු සඳුදා පස්වරුවේ සිට වැඩවර්ජනයට එළැඹි අතර අද සවස ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව වෘත්තීය සමිති කියයි.