
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි තුනකින් පමණ පහත වැටී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ.එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය දෛනික ආදායම රුපියල් මිලියන 75 ක පමණ අගයක තිබූ බවත් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එය රුපියල් මිලියන 45 දක්වා අඩුවී ඇති බවත් පණ්ඩුක මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනකිව ධවනය වූ ලංගම බස්රථ 5100 ක ප්‍රමාණය 4500 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
උපරීම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් මෙම බස්රථ ධාවනය කරන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් ලබාදී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

