කිලෝග්‍රෑම් පනස් අටක් බරැති සුදු හඳුන් දැව කඳන් තොගයක් ගමන් මළු දෙකක සඟවාගෙන පකිස්ථානයේ කරච්චි නුවර බලා යාමට පැමිණි පකිස්ථාන ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු තිස් දෙහැවිරිදි වියේ පසුවන බවත් ඔහු ශ්‍රී ලාංකික කාන්තාවක් විවාහ කරගෙන මීගමුවේ පදිංචිව සිටින බවත් රේගුව කියයි. ඔහුට චතුරව සිංහල භාෂාවද හැසිරිවිය හැකි බව පැවසේ.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 183 දරණ ගුවන් යානයෙන් පකිස්ථානයේ කරච්චි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත.
ඔහු රේගුව මග හැර යාමට කිහිප විටක්ම උත්සහ කිරීම පිළිබඳ ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මළු දෙකක තිබී මෙම සුදු හඳුන් දැව තොගය සොයාගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම සුදු හඳුන් කරච්චියේ විවිධ ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම සඳහා සහ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා රැගෙන යන බවයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී අශෝක විජෙවිෙජ්සිංහ සහ සහකාර රේගු අධිකාරී ධනුෂ්ක හෙට්ටිආරච්ච්, ඒ.එල්.ඩී.කේ ගුණවර්ධන, ඒ.එම් තිලකරත්න බංඩා, දිල්රුක්ෂි ගුණතිලක යන නිලධාරීහු සිදු කරති.



