ගමන් බලපතට 40,000ක් පගාව ඉල්ලයි


වසර පහලොවක පටන් මිලානෝ නුවර පදිංචි කොටහේනේ යෝගනාදන් බොහෙන්ද්‍රන් පසුගිය මෑයි මාසේ තම කල් ඉකුත් වු ගමන් බලපත්‍රයට නව ගමන් බලපට්ත්‍රයක් ලබා ගෑනිම සදහා මිලානො කොන්සියුලර් කාර්යාලයට සියලු ලියවිලි බාර දී තිබේ.

මාස ගනනාවක් ගමන් බලපත්‍රය පරක්කු වුවත් ඔහු ඒ පිලිබදව එතරම් තෑකිමක් කොට නොමෑත. එහෙත් දෙසෑම්බර් මාසයේ දිනක 3274022695 දරන දුරකථන අංකයෙන් යොගනාදන් ඈමතු චානක නමින් හෑදින් වු පුද්ගලයෙකු ගමන් බලපත්‍රය පරක්කු විමට හේතුව ඉදිරිපත් කළ උප්පෑන්න සහතිකයේ ඈති වෑරදිමක් බවත් යුරෝ 250  ක් (රුපියල් 41750) තමාට ලබා දෙන්නේ නම් එය මග හරිමින් ගමන් බලපත්‍රය ඉක්මනින් ලබා දිය හෑකි බව පවසා ඈත. යුරෝ 200ක් (රුපියල් 33400) ලංකාවේ  කන්තොරුවේ නිළදාරින් කිහිපදෙනෙකුට ලබා දිය යුතු යෑයි ඒම පුද්ගලයා යොගනාදන්ට  පවසා ඈත.

චානක නමින් හෑදින් වු මෙම පුද්ගලයා සමග පෑවති දුරකතන සංවාදය පටිගත කළ යොගනාදන් එසෑණට එවීය. පසුව ජනවාරි මාසයේ  යොගනාදන්ගේ සොහොයුරෙකු ආගමන විගමන කාර්යාලයට ගොස් යෝගනාදන්ගේ ගමන් බලපත්‍රය ගෑන විමසීමේ දී එහි සිටි නිළදාරින් දෙදෙනෙකු පවසා ඈත්තේ උප්පෑන්න සහතිකේ ඈති වෑරදීමක් හෙතුවෙන් එය සොයා බෑලිමට අදාල ප්‍රාදෙශීය ලේකම් කාර්යාලයට උප්පෑන්න සහතිකේ යොමු කර ඈති බෑවින් නව ගමන් බලපත්‍රය ලබා දීමට තවත් පරක්කු විය හෑකි බවය.

පසුව ඔහුගේ සොහොයුරා තමා හදුනන ඉහල නිලධාරියෙකුට මේ පිළිබඳව පෑවසීමේන් පසු   ගමන් බලපත්‍රය එදිනම සාදා රෝමයට යොමු කිරිමෙන් පසු පෙබරවාරි මාසයෙ දී තමාගේ පරක්කු වු ගනන් බලපත්‍රය තම අතට පත් වු බව යෝගනාදන් පවසයි. මිලානො නුවර කොන්සියුලර් කාර්යාලයේ පරිපාලන නිළධාරි කුමාරසිංහ ගමගේ මහතා එසෑණට කියා සිටියේ මුදල් ඉල්ලු මෙම පුද්ගලයා තම ආයතනයේ සේවකයකු නොවන බවයි. එහෙත් තවත් ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකුගෙන් මෙම දුරකථන අංකයෙන් අමතා මුදල් ඉල්ලා ඈති බවත් මෙ පිළිබදව රෝම තානාපති කාර්යාලයට පෑමිණිලි කළ බවත් කුමාරසිංහ මහතා කියා සිටි.

තම කාර්යාලයට ලෑබෙන ලියවිලි වල තොරතුරු මෙම පුද්ගලයා අතට පත් පත් වන්නේ කෙසේදෑයි අප ඈසු පෑනයට පිළිතුරු දුන් කුමාරසිංහ මහතා කියා සිටියේ තම ආයතනයෙන් එවෑනි තොරතුරු පිට නොයන බවත් රොමයට යොමු කිරිමෙන් පසු සිදුවන දේ පිළිබඳව තමාට වග කිව නොහෑකි බවය. හෙට දින මෙම කප්පන් කරු පිළිබදව මිලානො පොලිසියට පෑමිනිලි කරනා බව ඔහු කියා සිටි.