ගමන් බලපත ගන්න ලක්ෂ එක හමාරක්


ඉතාලියේ පලෙර්මෝ නුවර ජිවත්වන දමිළ ජාතික තරුණයකි. නැති වු  ගමන් බලපත‍්‍රයට අලුත් ගමන් බලපත‍්‍රයක් ලබා ගැනිම සදහා ඔහු රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයට ගියේය. ඵහිදි නිළධාරින් පැවැසූ පරිදි ඔහු අවශ්‍ය ලියකියවිලි සමග යුරෝ 110ක මුදලක් බැඳ අලුත් ගමන් බලපත‍්‍රය සදහා ඉල්ලුමි කළේය. නැවත පලේර්මෝ නගරයට ගිය  තරුණයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දෙන තානාපති කර්යාල නිළධාරියකු දැනුම් දුන්නේ ගමන් බලපත නිකුත් කිරීමට තවත් යුරෝ 150ක මුදලක් අවශ්‍ය බවයි.  ඵම තරුණයා නැවත වතාවක් කිලෝමිටර් 900ක් දුර ගෙවා රෝමයට යා යුතුය. ඵක් වරක් රෝමයට ගොස් නැවත පලෙර්මෝ නුවරට පැමිණිමට දින දෙකක් ගත වන අතර යුරෝ 300ක මුදලක් වැය වේ. මේ අනුව බලන කළ රැකියා විරහිත තරුණයා තම ගමන් බලපත‍්‍රය වෙනුවෙන් දින හතරක් වැය කොට කිලෝමිටර් 3600ක් ගෙවා දැමිය යුතුය. ගමන් බලපත‍්‍රයක් වෙනුවෙන් වැය වන මුදල ද ඇතැමි විට වාර්ථාවකි. එය යුරෝ 860ක් හෙවත් රුපියල් 141000 කි.