ගමන් බල පත්‍රය ඉතාලියේදී නැති වුණොත් අලි අමාරුවේ


නැතිවු ගමන් බලපත්‍රයක් ලබා ගෑනිම සදහා රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට ගියවිට ඒ සදහා යුරෝ 260 ක්(රුපියල් 41600)  වැනි අධික මිලක් අය කරන බව ඉතාලියේ සේවය කරන ශ්‍රි ලාංකිකයෝ පවසති.

නැතිවු ගමන් බලපත්‍රයේ විස්තර නොදන්නේ නම්  එම මුදල යුරෝ350ක්(රුපියල් 62300) බවද ඔවුහු කියති.

මේ පිලිබදව විමසීමේදි තනාපති බෙනට් කුරේ මහතා කියා සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් එවා ඈති චක්‍රලෙඛනයට අනුව තානාපති කාර්යාලයෙන් එම මුදල අය කරනෙ බවයි.

ආගමන විගමන පාලක චුලානන්ද පෙරේරා මහතා කියා  සිටියේ නව ගමන් බලපත්‍රයක් හෝ නැතිවු ගමන් බලපත්‍රයක් ලබා දිමේදි අයවිය යුතු මුදල් රෙගුලාසි සෑම තානාපති කාර්යාලයකටම දන්වා යවා ඈති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිළධාරිනි රෝශණි රත්නායක මහත්මියගෙන් විමසන ලෙසයි.

ඇය එසැණට මෙසේ කීවාය. ඈත්තෙන්ම අපි පිටරට සිටින අයට නව ගමන් බලපත්‍රයක් හෝ නෑතිවු ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමේදී මිල තිරණය කළේ ඩොලර් වලින්. තානාපති කාර්යාල වලට අපි දන්වා යෑව්වා ඒ මුදල පවතින රටේ මුදල් වලට හරවා අය කරන්න කියලා. අපි නව ගමන් බලපත්‍රයක් එක් දින සේවයෙන් නිකුත් කරන්නේ රුපියල් 7500කට.

නෑතිවු ගමන් බලපත්‍රයක් වෙනුවෙන් තවත් රුපියල් 10000ක දඩ මුදලක් අය කරනවා.  ඒ කියන්නේ ඔක්කෝම රුපියල්17500යි. තානාපති කාර්යාල ගුවන් ගමන් ගාස්තු, කොළවලට යන මුදල්, අපි ගමන් බලපත්‍රයක් පිට රට යවන්නේ විශේෂ ආවරනයකින් ඒවටත් මුදල් වෑය වෙනවා.

ප්‍රශ්නය, රුපියල් 17500ක් කියන්නේ යුරෝ 100ක වගේ මුදලක්. නැතිවු ගම බලපත්‍රයක් නිකුත් කිරිමේදි යුරෝ 260ක් (රුපියල් 41600)ගන්නවා.ඉතිරි 160ම යන්නේ ඔබ සදහන් කල දෙවලටද?

පිලිතුර, අපි ගුවන් තොටුපළේ සිට ගමන් බලපත්‍ර ගෙන්න ගන්න විශේෂ වාහනයක් යවනවා. මේවගේ තවත් දේ වලට මුදල් වැය වෙනවා. මට ඔබ පවසන දේ තේරුම් ගන්න පුළුවන්. මෙකට විසදුමක් හොයන්න අපි උත්සහා කරන්නම්.

 ඉතාලියේ ඉන්න ලාංකිකයන් කියන්නේ රට ගැන හොඳ කැක්කුමක් තියෙන පිරිසක්. ඒ ගෑන ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. යුරෝපයේ තානාපති කාර්යාල අතරින් වෑඩිම පෑමිණිලි ප්‍රමාණයක් අපිට ඇවිත් තියෙන්නේ රෝමයේ තානාපති කාර්යාලයේ සේවය කරන නිළධාරින් කිහිපදෙනෙකුට විරුද්ධවයි. මට වගේම ආගමන විගමන පාලක තුමාටත් ඒ පැමිණිලි ඇවිත් තියෙනවා.

ඉතාලියේ ඉන්න ලංකාවේ අය තානාපති කාර්යාලයේ සමහර ක්‍රියා පිලිබධව කතා කරන්නේ හරිම කලකිරිමෙන්‍ රත්නායක මහත්මිය එසේ කිවාය.