හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය ප‍්‍රදේශයේ ගම්මානයක් ආසන්නයට ඊයේ (16) පස්වරුවේ හදුන් දිවියෙක් හා පැටවුන් දෙදෙනෙක් පැමිණියහ.
ගම්වාසීන්ගේ දැනුම්දීම මත පැමිණි පොලිසිය හදුන් දිවියන් පළවා හැරීමට කටයුතු කළේය.
තේ වගා බිම් ආශි‍්‍රතව පිහිටන රක්ෂිත වාසය සදහා සුදුසු බැවින් අදුන් දිවියන් එම රක්ෂිත තම වාසය සදහා තෝරාගෙන තිබෙන බව වනජීවී නිලධරයෝ පවසන්නෝය.
එසේවුවත් තම ජීවිත වලට අනතුරක් එල්ල වීමේ අවදානමක් ඇති නිසා එම රක්ෂිත වල සිටින දිවියන් වෙනත් රක්ෂිතයකට පලවා හරින ලෙස ගම්වාසීහු ඉල්ලා සිටින්නෝය.