ගමට නොයන අලින් අල්ලන්න යයි


පළාත් සභා මන්ත්‍රීන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්  ඇතුළු සංවිධායකයින් වැඩ නොකරන්නේ නම්  ගමට නොඑන්නේ නම්  ජනතාව  අතරට නොයන්නේ නම් පක්ෂයට දන්වන්නැයි එජාප නායක හා  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගල්ගමුවේ ගිරිබාවේ රැස්වීමක දී ප්‍රකාශ කෙළේය. එසේ දැන්වීම සඳහා දුරකතන අංකය ද  විද්‍යුත් ලිපිනයක් ද දුන් වික්‍රමසිංහ මහතා  එස්.එම්.එස්. කෙටි පණිවිඩයකින් ද ඒ බව දැන්විය හැකි යැයි පැවැසීය.  එවැනි පැමිණිලි  ගැන විනයානු කූලව ක්‍රියාකරන බව වික්‍රමසිංහ මහතා කීවේය.