ගමක් හෙල්ලූ කිඹුලා දැලේ


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පිළියන්දල දැල්තර ප්‍රදේශයේ ගවයින් සහ සුනඛයින් රැසක්  ආහාරයට ගත් දැල්තර ඇලේ මිනීමරු කිඹුලා  කොටු කර ගැනීමට වනජීවී නිලධාරීන් සමත් විය

ඉකුත් දින කීපය තුළ  එම ප්‍රදේශයේ සැරිසරන ගවයින් සහ සුනඛයින් රැසක් හිටිහැටියේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමේදී කිඹුලා විසින්ම මෙම සත්ත්වයින් ආහාරයට ගෙන ඇති බවට අනාවරණය විය

ප්‍රදේශවාසීන් වනජීවී දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමක් අනුව ඔවුන් විසින් ඇළ මාර්ගයේ කූඩුවක් අටවා කිඹුලා ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට සමත් විය

කිඹුලා දිගින් අඩි 13 කින් පමණ යුක්තය.

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ  සෞඛ්‍ය අංශයේ  සහ අත්තිඩිය වනජීවී රෝහලේ සෞඛ්‍ය අංශයේ  නිලධාරීන් කිඹුලා රැගෙනයාමට කටයුතු කළේය.