වැල්ලවාය බෝධිවැව දී ගම් වැදුණු අලියකු අලි වෙඩි දමා එළවමින් සිටි හඳපානවත්ත වනජීවී කාර්යාලයයේ වන සත්ත්ව නියාමක වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව වනජීවී නිලධරයෝ කියති.
එලෙස මිය ගියේ බදුල්ලේ පදිංචි සංජීව කුලතුංග ( 29) මහතාය.
අලියකු ගම් වැදී ඇති බව කියමින් විරෝධතාවක් පැවැති බවත්, වන ජීවී නිලධරයන් අට දෙනකු එහි ගොස් අලි වෙඩි දමමින් අලියා එළවීමට උත්සාහ කළ බවත්, අලියා ආපසු හැරී වනජීවී නිලධරයන් පසු පස පන්නා ආ බවත්, ගසකට මුවා වූ වන සත්ව නියාමකයා සොයා ගිය අලියා ඔහු උස්සා පොළොවේ ගසා මරා දැමූ බවත් වනජීවී නිලධාරීහු පවසති.

