ගම නැගුමේ ලොක්කෙක් රිමාන්ඩ්


ජනධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන දෙදක් අයථා ලෙස ප්‍රයෝජනයට ගත්තැයි සැකපිට ජාතික සවිය ගම නැඟුම ව්‍යාපෘතියේ පුත්තලම අධ්‍යක්ෂ සුදත් සුභසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත්  ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

රහස් පොලීසිය අධිකරණයට දැන්වුයේ රාජ්‍ය දේපොළ පෞද්ගලික  ප්‍රයෝජනයට ගැනීමෙන් ඔහු බරපතල වරදක් කැර ඇති බවයි. ඔහුගේ නීතීඥවරයා පැවසුයේ 2007 සිට ඔහු මෙම වාහන පාවිච්චි කර ඇති බවයි.