ගණේමුල්ලේ සංජීව කටුනායකදී අල්ලයි


(ටී.කේ.ජී.කපිල, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන්  යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි

ඔහු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර මේ වනවිට ආගමන විගමන නිලධාරීහු  ඔහු අත් අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති.