ගණේමුල්ල සංජීව ඝාතකයාගේ පෙම්වතිය අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අලුත් කඩේ අංක 5 අධිකරණ සංකීර්ණය තුළදී  පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුගේ පෙම්වතිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වෙඩික්කරුගේ කළමනාකරු ලෙස සිටි පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි

පෙම්වතිය බව කියන 23 හැවිරිදි  තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය 174  මාර්ගයේ සම්භාහන ආයතනයක් තුළදී බවත් සැකකාරිය මහරගම පොල් වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසයි.

වෙඩික්කරුගේ පෙම්වතිය වන සැකකාරියව සංජීවගේ ඝාතනයෙන් අනතුරුව රටින් පිටවීම සඳහා  මීගමුව ප්‍රදේශයට රැගෙන යාම සඳහා සූදානම්ව සිටි පුද්ගලයා අනෙක් සැකකරු බව පොලිසිය කියයි. එම සැකකරු, වයස අවුරුදු 28 ක් වන මහරගම දඹහේන පාර පදිංචිකරුවෙකි.

සැකකරු සහ සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පොලිසිය මගිනි

ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි