ගණිත ප්‍රශ්නපත්‍රය පිටවෙලා


බස්නාහිර පළාත් සභාවේ අද පැවැත්වූ වර්ෂාවසාන විභාගයේ 11 වැනි ශ්‍රේණියට දුන් ගණිතය ප්‍රශ්න පත්‍රය මිනුවන්ගොඩ ,දිවුලපිටිය ආදී පෙදෙස්වලින් පිටවී ඇතැයි ගුරුවරු කියති.

ටියුෂන් ගුරුවරයකු මෙම ප්‍රශ්න පත්‍රය කළින් පිටකර ඇති බවත් දුර්වල ළමයින් පවා අසාමාන්‍ය ලෙස උනන්දුවකින් පිළිතුරු සැපයීම නිසා ඇතිවූ සැකය මත පිළිතුරු ලිවීමේ රහස හෙළිවී ඇති බවත් කියති.

අටවරක් චක්‍රය බැරි ළමයකුද ප්‍රශ්න පත්‍රයට දක්ෂ ලෙස පිළිතුරු ලියා ඇතැයි එක් ගුරුවරයෙක් කියයි.