
(ෂේන් සෙනෙවිරත්න)
ගජ මුතු තුනක් සන්තකයේ තබාගෙන එය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
උහණ ,හම්දුරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම සැකකරු ගජ මුතු තුනක් අලෙවි කිරීමට උත්සාහ කරන බවට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් සැකකරු කටුගස්තොටප්‍රදේශයේ අවන්හලකට උපායශීලීව ගෙන්වා ගෙන උපාය දූතයෙකු යොදවා එය මිලදී ගන්නා මුවාවෙන් සැකකරු සහ ගජමුතු තුන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගජමුතු තුන සැකකරුට ලැබුණ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට කරුණු අනාවරණය කොට නොමැති අතර සැකකරු අද (31) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අත්අඩංගුවට ගත් ගජමුතු තුන එහි තත්ත්ව වාර්තාවක් කැඳවීම සඳහා සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට යොමු කොට තිබේ.


