
(සමන් පාලිත නානායක්කාර)
විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි ගජමුතු දෙකක් සමග පුද්ගලයෙකු අද (15 )සැකපිට දමන පන්නල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අම්පාර කොට්ඨාස පොලිස් දුෂණ මර්ධන අංශය පවසයි.
සැකකරු අවුරුදු 48 ක් වයසැති දමන පන්නල්ගම ප්‍රදේශයේම පදිංචි අයකු බවද මෙම ගජමුතු දෙක දඩයක්කරුවෙකු ගෙන් මිලදීගෙන ඇති බවටද ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වී තිබේ.
සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

