ගඟ අපවිත්‍ර කළ තෙල්හල වහයි


භූගත ටැංකියකින් නිල්වලා ගඟට ඩීසල් විශාල වශයෙන් කාන්දුවී යැයි කියන සිද්ධියකින් පසු අකුරැස්සේ තෙල් හල යළි දන්වන තුරු වසාදමන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය තෙල් හල් හිමියාට අද නියෝග කළේය.

නිල්වලා ගඟට හා පරිසරයට සෑහෙන හානියක් සිදුවී ඇතැයි අධිකාරියේ මූලික වාර්තාවේ දැක්වේ. මේ අතර එම සිද්ධිය වාර්තා කළැයි අකුරැස්සේ ලංකාදීප මාධ්‍යවේදී ප්‍රියන්ත දසානායකට මරණීය තර්ජන එල්ල කර ඇත.