දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි නිසා අනුරාධපුර, පොළොන්නරුව, යාපනය ඇතුළු දිස්ත්‍රික්ක 12කට බලපෑ ජල ගැලීම් නිසා එම දිස්ත්‍රික් වල පදිංචි පවුල් 11333කට අයත් 42820ක් පීඩාවට පත්ව සිටින බැව් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ජල ගැලීම් නිසා සිය නිවාස ජලයෙන් යටවු තවත් පවුල් 4902 කට අයත් 10911 දෙනෙකු මේ වන විට අවතැන් කඳවුරු 158ක රඳවා සිටින බැව් එම මධ්‍යස්ථානය පවසයි.
පසුගිය දිනවල පැවැති වර්ෂාව හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, ත්‍රිකුණාමලය, මන්නාරම, මාතලේ, වව්නියාව, කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලට ගංවතුර බලපා ඇති අතර බදුල්ල, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්ක වලට නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් ආපාදා තත්ත්වයන් බලපා ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇති දිස්ත්‍රික්කයන්හි ජනතාව සහන සැලසීමේ කටයුතු විධිමත් සහ ක්‍රමානාකූල වැඩපිළිවළින් ඔස්සේ ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) උපදෙස් දුන් බව ජනධිපති මාධ්‍ය අංශය පවසයි.

