ගංජා වැටලීමට ගිය සුරාබදු නිලධාරීන්ට ගම්වැසියෝ පහර දෙති


(නයනජිව බන්ඩාර)

මහියංගන කෙසෙල්පොත ප්‍රදේශයේදි ගංජා වැටලිමකට ගිය සුරාබදු නිලධාරින් පිරිසකට අද (10) කෙසෙල්පොත ගම්මානයේ වැසියන් පිරිසක් පහර දී තිබේ. සුරාබදු පරික්ෂකවරයකු හා සුරාබදු නියාමකවරයකු තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද මහියංගන පොලිසිය පවසයි.

සුරාබදු නිලධාරින් පහරදුන්බව කියමින් ප්‍රදේශවාසීන් දෙදෙනකුද මහියංගන රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග කියයි. සුරාබදු නිළධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.