ගංජා කිලෝ 26ට තිදෙනෙක් රිමාන්ඩ්


ලොරියකින් ගංජා කිලෝ 26ක් ප්‍රවාහණය කළැයි කියන තිදෙනකු ලබන ජුනි 11 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද (28) නියෝග කළාය.

වැල්ලවාය, හඳපාංගල සුමනදාස නන්දසේන, ආර් ඩී විල්බට් සහ ජී ඩී ශ්‍රියන්ත පෑලියගොඩ නවලෝක වටරවුම අසලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.