ගංජා ඇද්ද ග්‍රාමාරක්ෂක කොටුවේ


මොනරාගල  ඉත්තෑකටුව නාම්බන්ආරේ වියළි ගංජා කිලෝ තිස්අටක් ද අක්කරයක කංසා හේනක් ද බදින තුවක්කුවක් ද සමග සිවිල් ආරක්ෂක බළකා සෙබළකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

යාල  වනෝද්‍යාන මායිම අසල වු මෙම කංසා හේන මොනරාගලින් කිලෝ මීටර් හතලිහක් ඈතින් පිහිටියේය.