(ඩයනා උදයංගනී)
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කැලණි, කලු, ගිං, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නාගලගම්වීදිය ආශ්‍රිතව කැලණි ගගේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන අතර ඒ ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුවෙමින් පවතී.
මිල්ලකන්ද ප්‍රදේශයෙන් කලු ගඟ පිටාර දැමීම හේතුවෙන් සුළු ගං වතුර තත්ත්වයක් ඇති වී තිබෙන අතර පුටුපාවුල ප්‍රදේශයෙන් ගංවතුර අවධානමක් පවතින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් හා අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ. නිල්වලා ගගේ ජල මට්ටම ද පානදුගම ප්‍රදේශයෙන් ඉහළ යමින් ඇති බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.