ගංගොඩවිල වනාත පාරේ මිනිසුන් සපා කමින් ගෙවල්වලට හා වාහනවලට පනිමින් මාස නවයක් තිස්සේ ප්‍රදේශයට හොල්ලා ගෙන සිටි වඳුරා නිර්වින්දනය කර අල්ලාගත් වනජීවී නිලධරයෝ එම සතා රක්ෂිතයකට මුදා හැරීමට යති.
සමුද්‍රදේවී බාලිකාවටද හිරිහැරයක් වු මේ වඳුරා අද (14) අල්ලාගත හැකිවුයේ ගෙයකට පැන සිටියදී ගෙහිමියා දොර වැසීම නිසාය.
වනජීවී අධ්‍යක්ෂ (සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද්,පශූ වෛද්‍ය සුහද ජයවර්ධන මහත්වරු නිර්වින්දන කටයුතු කළහ. මිනිසුන් නව දෙනකු සපා කෑ මේ වඳුරාගේ හැසීරීම සාමාන්‍ය අතට හැරෙන තුරු මාසයක් පමණ වනජීවී බාරයේ තබාගැනීමටද නියමිතය.