ඛේමා මෙහෙණියගෙන් ජපුරේ භාවනා වැඩසටහන්


බුදුන් වහන්සේ දෙසූ දහම ලොව පුරා ප්‍රචලිත කරවීමේ භාවනා වැඩසටහන් පවත්වන අමෙරිකානු ජාතික ඛේමා මෙහෙණිය ශ්‍රී ලංකාවේ භාවනා වැඩසටහන් ආරම්භ කිරීමට සැරසෙන්නීය.

බොහෝ දෙනකුගේ ඉල්ලීම් අනුව මෙම භාවනා වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පැවසීය.

එම භාවනා වැඩසටහන්වලට සහභාගී වීමට කැමැත්ත දක්වන්නන් 011 275 86 97 හෝ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 011 275 83 07 යන දුරකථන අංකවලට සතියේ දිනවල ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.