ඛාන් වීරයෝ


2016-12-09-ent-28

 

හින්දි සිනමාවේ ප‍්‍රබල ඛාන්ලා තිදෙනෙකි. ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් සහ අමීර් ඛාන් ඒ තිදෙනාය. මේ අතරිනුත් වැඩි අවධානයක් දිනාගෙන ඇත්තේ ෂාරුක් සහ සල්මන්ය. කලක් එකිනෙකා සමඟ අමනාපයෙන් පසු වූ ඔවුන් දෙදෙනා ඒ අමනාපය දුරු කර යළිත් මිතුරන් වීම පේ‍්‍රක්‍ෂකයන්ගේ අමන්දානන්දයට හේතු වූයේය.

මේ මෑතකදී සිනමා සම්මාන උළෙළකට සහභාගි වූ ඔවුන් දෙදෙනා අතින් අත අල්ලාගෙන වේදිකාවට පිවිසියා පමණක් නොව වේදිකාව මත බයිසිකල්ද පැද්දහ. එය දුටුවිට ඔවුන් අගය කරන්නෝ ජයඝෝෂා නැඟූහ. එපමණකින් නොනැවතී ඔවුන්ගේ ඡුායාරූප අන්තර්ජාලයටද එක් කළහ. ෂාරුක් සහ සල්මන් නැවත වරක් එකට චිත‍්‍රපටිවල රඟ පාන්නටද කැමැත්ත පළ කර තිබේ.

 

2016-12-09-ent-29
2016-12-09-ent-30