ඛනිජ තෙල් හිටපු සභාපති ධම්මික අත්අඩංගුවට


(ගයාන් සූරියආරච්චි)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් කිරීමේ චෝදනා යටතේ ලංකා ඛනිජ තෙල් නීති ගත සංෂ්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.

ධමිමික රණතුංග මහතා 2017 සහ 2018 වර්ෂයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දිගු කාලීන ටෙන්ඩර් 3 ක් අවලංගු කර වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් ක්‍රියාත්මක කළ බව කියන සිද්ධියකට මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එම ක්‍රියාවලියෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න මුදලක් පාඩු කර ඇති බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.