ක‍්‍රිකට් සභාපති ධූරය ජයන්තට


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ක‍්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාගේ නම යෝජනා වී තිබේ. එම යෝජනාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අද (28) පැවැති විධායක කමිටු රැස්වීමේදී සම්මත විය.

නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කර සිටි වත්මන් සභාපති උපාලි ධර්මදාස සහ බදුරලිය ක‍්‍රිකට් සමාජයේ සුමිත් ආර්. පෙරේරා යන මහත්වරුන්ගේ නාමයෝජනා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති විධායක කමිටු රැස්වීමේදී ප‍්‍රතික්ෂේප කෙරිණ.

සභාපති තනතුර සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා තුනම ප‍්‍රතික්ෂේප වීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා වෙනත් නමක් යෝජනා කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට හිමිවිය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය අපේ‍්‍රල් මස 16 වැනිදා පැවැත්වීමට නියමිතය.