ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී අද (17) පෙරවරුවේ නිල වශයෙන් වැඩ බාර ගත්තේය. සර්ව ආගමික ආශිවාද ලබාගත් ධර්මදාස මහතා ඇතුළු නව ක‍්‍රිකට් නිලධාරිහු සම්ප‍්‍රධානුකූලව කි‍්‍රකට් මූලස්ථානයේදී අද උදෑසන කිරි ඉතිරවූහ.
මේ අවස්ථාවට ලේකම් නිශාන්ත රණතුංග, උප සභාපතිවරුන් වන කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා යන මහත්වරු ඇතුළු විධායක කමිටු නිලධාරීහු සහභාගි වූහ.
ඡයාරූප - ශාන්ත රත්නායක