ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම මගහැර ඇතැයි කියන සිද්ධියක් හේතුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව මේ වන විට දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. ක‍්‍රීඩකයන්ට අද (03) පෙරවරු 9.00 ට පෙර වාර්ෂික ගිවිසුමට අත්සන් කරන ලෙස දැනුම්දී තිබුණ ද ඔවුන් අද දහවල් වන විටත් අත්සන් කර නොතිබුණු බව වාර්තා වේ.
වාර්ෂික ගිවිසුමට අත්සන් නොකරන ක‍්‍රීඩකයන්ට ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව නොලැබෙන බව ක‍්‍රීඩා අමාත්‍යවරයා ප‍්‍රකාශකර ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.