කෞෂාල් සිල්වාගෙන් ශතකයක්


ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ආනස් වේල් පිටියේදී පැවැත්වෙන දෙවැනි සිව්දින (නිල නොවන) ටෙස්ට් තරගයේ දෙවැනි තරගයේ පළමු දිනයවූ ඊයේ (12 වැනිදා) කී‍්‍රඩාව නිමා වන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුලූ 6ක් දැවී ලකුණු 268ක් ලබා සිටියේය.

කෞෂාල් සිල්වා පන්දු 209කදී හතරේ පහර 14ක් සමගින් නොදැවී ලකුණු 115ක් ලබාගත් අතර ඇන්ජලෝ පෙරේරා හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැුස් කර ගැනීමට සමත් විය. මිගෙල් කමින්ස් ලකුණු 49 ක් දී කඩුලූ 2ක් සහ ජොනතන් කාටර් ලකුණු 51කදී කඩුලූ 2ක් ලබා ගත්තේය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 6ක් දැවී ලකුණු 268
(කෞෂාල් සිල්වා නොදැවී 115, ඇන්ජලෝ පෙරේරා 50, චතුරංග ද සිල්වා 33, මිගෙල් කමින්ස් 49/2, ජොනතන් කාටර් 51/2)