කෝපි මලු උඩ : වල්ලපට්ට උඩ


මා‍තලේ රත්තොට  සිට අමු කෝපි මලු වලට යටින් ඉතා රහසිගතව ඒ සමාන මල්ලක සගවා වල්ලපට්ටා කිලෝ නවයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන්  පස් දෙනෙකු අද (08) සවස අඩංගුවට අලවතුගොඩ පොලීසිය කියයි.

යටියන්තොට ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් පස් දෙනා,  වල්ලපට්ට කිලෝ  නවය සමග ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය,  වල්ලපට්ට කැපීම සදහා යොදා ගත් පොරෝ තුනක්, පිහි දෙකක්  යකඩ උලක් සහ කියතක්ද  පොලීසිය සිය භාරයට ගෙන තිබේ.