යුද හමුදා සෙබළෙකු ඝාතනය කිරීමට හා තවත් හමුදා සෙබළෙකු ඝාතනය කිරීමට වැරදිකරු වූ යාපනය යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු වූ ලාන්ස් කෝප්‍රල් එදිරිපාලට යාපනය මහාධිකරණ විනිසුරු සී ඉලංවේලියන් මහතා වසර 17ක සිර දඩුවම් නියම කළේය.
රුපියල් 20 000 ක වන්දි නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් තවත් දෙවසරකට සිරදඬුවම් පැනැවීය.
2002 අප්‍රේල් 14 වැනි දා යාපනය මීසාලෙයි කදවුරේ රාජකාරියේ නිරතව සිටි චන්ද්‍රසිරි සෙබළා වෙඩි තබා ඝාතනය කිරීම හා කාවින්ද සෙබළා වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.

