සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් ) සභාපති ධූරය ආණ්ඩුවට ගැනීමටත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා ) සභාපති ධූරය විපක්ෂයට ලබාදීමටත් තීරණය කර ඇති බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය
එසේම රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික සංඛ්‍යාවද වැඩි කර ඇතැයි රත්නායක මහතා පැවසීය.
කෝප් කමිටුවේදී පළමු කාලයේදී පරීක්ෂා කිරීමට සිදුවන්නේ පසුගිය ආණ්ඩුවේ කටයුතු හෙයින් ඒ ආණ්ඩුවේ හිටපු ඇමති කෙනෙකු ඇවිත් කෝප් එකේ සභාපති වීම සදාචාර සම්පන්න නැති බවද ඔහු පැවසුවේය.
ආංශික අධීක්ෂණ කාරක සභා පත් කිරීමට මෙම මස 31 දක්වා කාලය ලබාගෙන ඇතැයි පැවසූ රත්නායක මහතා අමාත්‍යාංශ උපදේශක කාරක සභා විසිහතරක් පත් කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.

