කෝප් කමිටුවට මාධ්‍යවේදියොත්


පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) මාධ්‍යවේදීන් ද සහභාගි කරවා ගැනීමට තමන් ලොකු උත්සාහයක් ගන්නා බව සභාපති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

සම්ප්‍රදායික නීති රීති ඉවත්කොට මාධ්‍යවේදීන්ගේ සහාය ඇතිව අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තම කමිටුව මහජනතාවට වඩාත් සමීප කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ ප්‍රථම කෝප් කමිටු රැස්වීමට සමගාමීව පැවැත්වෙන වැඩමුළුව අද පාර්ලිමේන්තු කමිටු ශාලා අංක පහේදී ආරම්භ කරමින් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

කථානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුද කෝප් කමිටු සාමාජිකයෝද මේ අවස්ථාවට සහභාගි වූහ.

cope1_201512102 cope1_201512103 cope1_201512104