කෝප් කමිටුව හඳුන්නෙත්තිට


පාර්ලිමේන්තු  රාජ්‍ය වසාය පොදු කාරක සභාවේ සභාපතිධූරයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද තෝරා පත් කරගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා එම කමිටුවේ හිටපු සභාපතිවරයා ය.

කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ දී අද රැස්වූ අවස්ථාවේ    හදුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර ඇත්තේ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අපිත් පී. පෙරේරා මහතා ස්ථිර කළේය.

රාජ්ය  ගිණුම්කාරක සභාවේ සභාපති ලෙස නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පත් කර ගනු ලැබීය.