කෝප් එකට නොඑන හේතුව


2016-09-14-ent-03කෝප් සභාව කියන්නෙ කවුන්සිලේ තියන බලවත්ම සභාවක්. ආණ්ඩුවෙ ව්‍යාපාරවල ගුණ අගුණ වගේම ලාභ අලාභ සොයන්නෙත් මේ සභාවෙන්ම තමයි.

මේ දවස්වල එතන වැඩිපුරම කතාවෙන්නෙ පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වුණ මහ බැංකු බැඳුම්කර කතන්දරේ. හැබැයි මේ ගැන දිගින් දිගටම විභාග කෙරෙන කෝප් සභා මීටිමට එන්නම ඕන රතු පක්ෂයක ඉහළම පට්ටමක් දරන කෙනෙක් ඒ සභාවට එන එක එක පාරටම නැවැත්තුවලු... එකාබද්ධ විපක්ෂයෙ කස්ටිය ගණන් බලාපු විදිහට උන්නැහේ පිට පිට වාර හයක්ම මේ සභාවට නෑවිත් මගහැරිය කියලයි කියවෙන්නෙ.

ඒ නොපැමිණීම ගැන ළඟදිම හෙළිදරව්වක් කරනවා කියලත් විපක්ෂෙ කස්ටිය කතා වුනාලු. 

 

DESHAYA