පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිලේ අවසරකින් තොරව ඉදිකළ සියලු ඉදිකිරිම් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත්විමට කොනේෂ්වරන් කෝවිල් පාලන සභාවට නියෝග කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
1981ජනවාරි16දින අංක 124 දරණ ගැසට් නිවේදනය මගින් පුරාවස්තු ආඥාපනත යටතේ මෙම භුමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර තිබියදි මෙම අනවසර ඉදිකිරිම් සිදුකර තිබේ. මෙම රක්ෂිතයට අක්කර 372යි රූඩ් එකයි පරිචස් 3.6අයත් වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා මෙසේ කියයි.
‘මේ කොවිල් භූමියේ තියන ඉදිකිරිම් වලින් 99%ක්ම අනවසර ඉදිකිරිම්. කෝවිලට පිවිසෙන ස්ථානයේ ඇති දේව පිළිමය ඉන් එකක්. මීට අමතරව මහල් හතරකින් යුත්ගොඩනැගිල්ලක් හදන්න ඉතා රහසිගතව ගෝනිවලින් ආවරණය කළ ප්‍රදේශයක කොන්ක්‍රීට් කණු සිටුවමින් තිබුණා. මේ ස්ථානයේ මෙම ඉදිකිරිම් මීට වසර තුනකට පෙර අධිකරණය නියෝගයකින් තහනම් කරතිබු තැනක්. ඒ අවස්ථාවේ ගොඩ දමා තිබු ගල්කණු පුවරු මෙවර දක්නට නැහැ. මේවා මුහුදට දැම්මා දැයි සැකයක් තියෙනවා. දැනට මෙ ස්ථානයේ සියලු ඉදිකිරිම් තහනම් කල.කෝවිල් සභාව අපගේ නියෝගයට එකගතාවය පළ කළ නිසා අධිකරණ ක්‍රියාමාර්ගයකට නොගියත් පුරාවිද්‍යා පොලිස් ඒකකයට මෙම ස්ථානය නිරික්ෂණය කිරිමට උපදෙස් දී තිබෙනවා. පැරණි ගෝකන්න විහාරය තිබු ස්ථානයේ තමයි දේව ප්‍රතිමාව ඉදිකර තියෙන්නේ‘

