කොළඹ නවම් මාවතේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක් පැහැරගත් බව කියන පොලිසියේ සිවුදෙනෙකු ඇතුළු නවදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් යළි රිමාන්ඞ් කරනු ලැබූහ.
කොළඹ කොටුව පොලිසියේ රථ වාහන ස්ථානාධිපති ද උප පරීක්‍ෂකවරයෙක්ද කොස්තාපල්වරු දෙදෙනෙක්ද ඒ අතර වෙති. පොලිසියේ බව කියමින් ව්‍යාපාරිකයාගේ වාහනය නවතා මුදල් කොල්ලකා ඇත්තේ එම ව්‍යාපාරිකයා සම්පත් බැංකුවෙන් මුදල් රැගෙන එද්දීය.