කෝටියේ කොල්ලයේ හෝඩුවාවක් නෑ


පෙබරවාරි 12 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුවූ රුපියල් කෝටියේ කොල්ලයෙන් පසු  එම ප්‍රදේශයේ දුරකතන කුළුනු ඔස්සේ ගත් ඇමතුම්වල විස්තර පොලීසියට දෙන්නැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා එම සමාගම්වලට නියෝග කළේය.

පොලිස් වෙසින් ආ කොල්ලකරුවන් කනපතිපිල්ලේ දේවනාශන් නම් ව්‍යාපාරිකයා කොම්පඤ්ඤවීදියේ බැංකුවකින් රට සල්ලි මාරු කරගෙන නවම් මාවත ඔස්සේ යද්දී කොල්ලය සිදු කර ඇත.

පොලිස් නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයකු වාහනය නතර කළ පසු අසළ නවතා තිබූ ඩිෆෙන්ඩර් රියකින්  තිදෙනකු බැස තමා එළියට ඇද මුදල් බෑගය ද පැහැරගෙන, ඔවුන්ගේ රියට දමා ගෙන ගොස් කෝට්ටේ ප්‍රදේශයේදී අත හැර ගිය බවයි.

කොල්ලකරුවන් අත පිස්තෝල තුබූ බවත් ඔහු කියා ඇත.

වැල්ලවත්තේ එම ව්‍යාපාරිකයාගේ වාහනයෙන් ඇඟිලි සළකුණු කිහිපයක් සොයා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.