
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියක් වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබේ හෑෂ් මත්ද්‍රවය කිලො 1 ග්‍රෑම් 5 ක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් ලක්ෂයක මුදලක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
ටී ෂර්ට් නිෂ්පාදනය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් සිදු කරන මුවාවෙන් පුද්ගලයෙකු හෑෂ් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ජාවාරම සිදු කරන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව රත්මලාන ප්‍රදේශයේ මාසිකව රුපියල් 30000 කුලී පදනම මත ලබාගත් නිවසේ නිවසේ සිට මෙම ජාවාරම සිදු කරන බවට අනාවරණය වීමෙන් අනතුරුව එම නිවස පරික්ෂා කිරීමේදී අල්මාරියක් තුළ සඟවා තිබූ හෑශ් මත්ද්‍රවය කිලෝ එකක පැකට්ටුවක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

